Kadawara Yahana - ගරා යකා

ගරා යකා

 

ගරා යකා හෙවත් දළකුමාර දෙවියන් මිනිසුන්ට හා ගෙවල් දොරවල් ගස් වැනි දේවල් වලට වැළදෙන ඇස්වහ කටවහ දුර්ලයි.ගරා යකාගේ උපත පිළිබඳව ද විවිධ තොරතුරු සඳහන් වේ.මේ එක් ප්‍රවාදයකි

දඹදිව රාජාවලිය පුර දන්ත නුවර අවන්ති රජුට හ ඔහුගේ අග බිසව වූ හංසවතී හට දරු දෙදෙනෙක් විය.පුතා දල කුමරු වුණ අතර දියණිය දේවි නම් විය.පුතාට උපතින්ම දළ දෙකක් පිහිටි නිසා ඔහු දළ කුමරු වූ බව පෙනේ.මොහුගේ ජන්ම පත්‍රය පිළියෙල කළ නක්ෂත්‍ර කරුවෝ දේවී කුමරිය කෙදිනක හෝ තම එක කුස උපන්  දළැ කුමරු අතින් අනාථ වන බව පැවසූහ.මෙයින් බියපත් දෙමව්පිය දෙන්නා දේවී කුමරිය ගිරිලෙනක සඟවා ආරක්ෂා කළහ.මේ නිස දේවී කුමරිය දේවී නම් විය.කළකට පසු දළ කුමරුට නැගණිය ගැන අසන්නට ලැබී ඇය සිටින තැනක් තමාට දැනගන්නට සලස්වන සේ  ඉල්ලා සිටියදී රජු තම දියණිය වැනිම තවත් තරුණ කන්‍යාවියන් හය දෙනකු ගිරිලෙන තුලට ගෙන ගොස් දේවි කුමරිය ද ඔවුන් අතරට දමා හැකිනම් සොයා ගනුවයි කීය. කෙසේ හෝ පෙර සිට පතාගෙන ආ අන්දමට දළ කුමරු සොයගත් තැනැත්තිය තම නැගණියම වූවාය.කුමරු අතින් ඇය දූෂණය විය.මෙයින් ලැජ්ජවට පත් ගිරි දේවිය සිය දිවි නසා ගත්තාය.මේ කිසිත් නොදත් දළ  කුමරු ගිරි දේවිය සොයමින් ලෝකය පුරා සැරිසරන්න විය.අවසානයේදී සක්දෙවිඳු විසින් නැගෙණියගේ මළ කඳ ඔහුට පෙන්වන ලදී.ඇයට නැවත පණ ලබා දෙන ලෙසට කුමරු ඉල්ලා සිටියදී එයට ඒකඟ වුණූ සක් දෙවිඳුන් වහා වතුර බඳුනක් ගෙනෙන ලෙසට සෙනසුරුගෙන් ඉල්ල සිටියදී සෙනසුරු දළ කුමරු සමඟ අමනාපයකින් සිටි බැවින් ඔහු ගෙනැවිත් දුන්නේ විෂ වතුර බඳුනකි.මෙම වතුර වැරදීමකින් දල කුමරුගේ මුහුණට ඉසිනි.මේ නිස ඔහුගේ මුහුණ දැඩි ලෙස විරූපී විය.එයින්ම ඔහු මියගිය බවත් නැවත යකෙකු සේ උපත ලැබූ බවත් සඳහන් වේ.ඔහු ගරා යකාය.ගරා යකාගේ අවතාර 12ක් ගැන සඳහන් වේ.

"කිලංගරා,සෝලංගරා,මෝලංගරා,සදුන් ගරා,හදුන් ගරා,පට්ට ගරා,ඔකද ගරා,ජල ගරා,පුෂ්ප ගරා,සොහොන් ගරා,වට ගරා,තොට ගරා", යනු වෙන් එම දොලොස් අවතාර වේ